පොප් රජුගේ නමින් පරිඝනක ක්‍රීඩාවක්

No Gravatar

ලොව පහල වූ සුපිරිම පොප් ගායකයාගේ අකල් වියෝවෙන් පසු ඔහුගේ ප්‍රේක්ශක පිරිස වෙනුවෙන් නවතම මතක සටහනක් ලබා දෙන්නට Ubisoft® ආයතනය මේ දින වල කටයුතු කරගෙන යනවා.

මේ පිලිබදව මුලින්ම එම ආයතනය නිල නිවෙදනයක් නිකුත් කරේ ජූනි 14 වෙනිදා. ඒ නිවෙදනයෙදි ඔවුන් ක්‍රීඩාව ගැන පොඩි විස්තරයක් කරල තියනවා. මේ ක්‍රීඩාවෙඩි ක්‍රීඩකයට මයිකල් ජැක්සන්ගෙ චරිතයට පණ පොවන්න සිද්ධ වෙනවා.

මයිකල්ගේ සපත්තු දෙකට බැහැලා මයිකල් වගේ සින්දු කියන්න උත්සාහ කරන්න පුලුවන් ක්‍රීඩකයට. මේ ක්‍රීඩාවත් එක්ක මයිකල්ගේ ගීතත් ලබා දෙනවා ක්‍රීඩාව අතරතුර. මේකේ තියන වැදගත්ම දේ තමයි ක්‍රීඩාවේ යෙඩෙන්නාට මයිකල්ගේ අර්තන ක්‍රම ඉගෙනගෙන ක්‍රීඩාවෙඩි යොඩාගන්න වෙනවා.ඉගෙන ගන්න ඕනෙත් ක්‍රීඩාව තුලදිම තමයි. ක්‍රීඩාව නිකුත් උනාට පස්සෙ සෙල්ලම් කරලම ඉතුරුව දැනගන්න.

වැඩි විස්තර දැනගන්න Ubisoft® වෙබ් අඩවියට යන්න

Office 2007 ගොණු Office 2003 තුලට ගන්න හැටි

No Gravatar

හැමෝම දන්නවනේ Office 2003 වල පාවිච්චි කරන File Extensions, Office 2007 File Extensions වලට වඩා වෙනස් කියන එක.උදාහරණ ටික බලන්නකො තවත් තෙරුම් යයි.

Office 2003

Word           – .doc

Excel            - .xls

Powerpoint – .ppt

ඒත් 2007 Package එක වෙනකොට මෙක ටිකක් වෙනස් උනා

Word           – .docx

Excel            - .xlsx

Powerpoint – .pptx  ආකාරයට.

ඉතින් 2007 පැකේජයෙන් හදපු file එකක් 2003 පැකේජයට තෙරුම් ගන්න බෑ. ඒත් ඒ අපහසුතාවය මග අරින්න Microsoft සමාගම පියවර අරන් තියනවා.ඒකට මිcරොසොෆ්ට් සමාගමෙ වෙබ් අඩවියෙන් නොමිලේම පොඩි converter එකක් දෙනවා. තව දෙයක්. මේ වගේ converters වෙන වෙන පුද්ගලයොත් develop කරල නොමිලයේ බෙදා හරිනවා. මගේ අදහස නම් මේ converters අතරින් Microsoft සමාගමෙන් දෙන converter එක හොදින් වැඩ කරාවි කියන එක. වගකීමකුත් තියනවනෙ.

http://www.microsoft.com/downloads/details.aspx?FamilyId=941b3470-3ae9-4aee-8f43-c6bb74cd1466&displaylang=en

උඩ තියන ලින්ක් එකෙන් converter එක download කරගෙන උත්සාහා කරලම බලන්නකො. අදහස් එහෙමත් අපිට කියන්න


FB Account එකට Log වෙච්ච තැන් දැනගන්න

No Gravatar

සමහර අය නම් මේක ගැන දන්නවත් ඇති. මේක ලියන්නෙ එ දන්න අයට නම් නෙමෙයි. නොදන්න අයට.

මම මේ කියන්න යන පහසුකම Facebook අඩවිය මගින් අපිට දීලා තියන අමතර පහසුකමක්. ගොඩක් අය මේකෙන් ප්‍රයොජන අරගන්නෙ නෑ.

අපි හිතමුකො අපි යාලුවෙකුගෙ ගෙදරදි හරි එහෙමත් නැත්නම් class එකකදි හරි වෙන computer එකකින් අපේ facebook ගිනුමට log උනා කියලා.අපිට logout වෙන්න අමතක වෙලා  එහෙමම දාලා ආවොත් මොකද වෙන්නෙ ? යාලුවා උනත් account එකට log වෙන්නෙ නැතුව ඉන්නෙ නැහැනෙ. class එකකදි වගේ උනානම් හරිම තමයි. log වෙච්ච එකා අපෙ වටින යාලු මිත්‍රයො දෙතුන් දෙනෙකුට හොදවයින් කියල  logout උනා නම් අපි දන්නෙත් නැහැ. අන්තිමට යාලුවොත් නැති වෙනවා. ඉතින් අඩුව තියාගෙන නිකන් අත පුච්චගන්නෙ නැතුව අඩුවෙන් ප්‍රයෝජන අරගත්ත නම් කිසි ප්‍රශ්නයක් නැහැනේ.

මෙකෙදි වෙන්නෙ මොකක්ද කියල මම කෙටියෙන් කියන්නම්.ගෙදර computer එකෙන් හරි වෙන තැනකදි වෙන computer එකකදි හරි එහෙමත් නැත්නම් ජංගම දුරකතනයෙන් හරි තමන්ගෙ facebook account එකට ලොග් වෙනවයි කියමුකො. user name එක password එක ගහල  log in වෙනකොට තව අමතර පිටුවකට අපිව අරගෙන යනව. ඒකෙදි අපෙන් දන් log වෙන device එකට නමක් දෙන්න කියල කියනවා. ඒකට නමක් නොදී අපිට account  එක ඇතුලට යන්න බෑ. ඉතින් නමකුත් දීල log උනාට පස්සෙ ඒ නමයි log වෙච්ච වෙලාවයි දාලා අපේ email address එකට email එකක් එනවා. ඉතින් අන්න එ email වලින් අපිට බලාගන්න පුලුවන් තමා හැරුනම තව කවුරු හරි තමාගේ account එකට log වෙලා තියනවද කියලා.

මොකක් හරි තමන් නොදන්න තමන් නොදුන්නු device එකක් log වෙලා  තියනව නම් අපිට තියන්නෙ එ device එක remove කරල දාන එක. password එක වෙනස් කරල දැම්මහම ආයෙ ඉතින් අර හොරාට log වෙන්න බැහැනෙ.

මේ පහසුකම සක්‍රීය කරගන්නෙ මෙහෙමයි.

Account > Account Settings > Account Security

රූපය බලන්න


සැ.යු: දරුණු හැකර් ප්‍රහාර වලට වලංගු නැත

ආයුබෝවන්

No Gravatar

අපි වැඩ පටන් ගත්තෝ !


 
Content Protected Using Blog Protector By: PcDrome.